Graduate Teaching Vacancies 2022 Sinhala Instruction

Graduate Teaching Vacancies 2022 National Schools
Graduate Teaching Vacancies 2022 Sinhala Instruction
1 පොදු උපදෙස්

    • 1.1. වෙබ් අඩවියට ප්‍රවේශ වීමට පෙර, මෙහි සඳහන් උපදෙස් සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය
    • 1.2. මෙම පත්වීම් ලබාදීම අංක 21/0658/340/013 හා 2021.04.19 දිනැති, අංක 21/2076/315/033-I හා 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ හා අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානුකූලව සිදු කරනු ලැබේ.
      • 1.2.1. ගුරු පත්වීම් ලබා දීමට යෝජිත කාණ්ඩ හා එම වැඩපිළිවෙල පහත පරිදි වේ
        • 1.2.1.1 උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන – 2020 යටතේ බඳවාගනු ලැබූ සියලුම උපාධිධාරී අභ්‍යාසලාභීන්
        • 1.2.1.2 2018 සහ 2019 වසරවලදී ක්‍රියාත්මක කළ “අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රජයේ ආයතනවල පුහුණුවක් ලබා දීම”වැඩසටහන යටතේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගනු ලැබූ 2020.01.01 සහ 2021.01.01 දින සිට සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර පත්වීම් ලැබූ කාණ්ඩායම
        • 1.2.1.3 උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන – යටතේ 2020,2019 හා 2018 වසර වල බඳවාගනු ලැබූ ඩිප්ලෝමාධාරීන්
      • 1.2.2 අයදුම්පත්‍ර ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන් සඳහා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඔවුන් අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.4.1(1) වගන්තිය පරිදි බඳවා ගැනීමේ මුලික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්ද යන්න පරීක්ෂා කරනු ලැබේ
      • 1.2.3 ශ්‍රී ලංකා ගුරුසේවයේ තනතුරුවලට බඳවාගැනීමේදී “2020 උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන” යටතේ බඳවාගත් අභ්‍යාසලාභීන්ගේ,2020.01.01 දින සිට සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගන්නා ලද නිලධාරීන්ගේ සහ 2021.01.01 දිනට සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගන්නා ලද සංවර්ධන නිලධාරීන්ගේ වයස 2019.12.31 දිනට අවුරුදු 35ට අඩු ලෙස සලකනු ලැබේ
      • 1.2.4 අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.4.(2) වගන්තිය පරිදි සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයඳුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයට කැඳවනු ලැබේ
      • 1.2.5 මෙම ප්‍රායෝගික පරීක්ෂණය අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි පවත්වනු ලැබේ
      • 1.2.6 එක් එක් විෂයය සඳහා පවතින පුරප්පාඩු සඳහා පත්වීම් ලබාදීමේ දි ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු අනුපිළිවෙල අනුව පත්වීම් ලබා දෙනු ලැබේ
      • 1.2.7 මෙසේ ලබා දෙනු ලබන පත්වීම තාවකාලික පත්වීමක් වන අතර පත්වීම් ලබන පාසලේ වසර 10 ක සේවා කාලයකට යටත්වේ
      • 1.2.8 තාවකාලික පත්වීම් ලබා දී වසර 3 ක් ඇතුළත ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.1 අනුව ලිඛිත විභාගයක් පවත්වා ඉන් සමත්වන නිලධාරීන් සඳහා පමණක් නිත්‍ය පත්වීම් ලබා දෙනු ලැබේ
      • 1.2.9 ඉහත විභාගය අසමත් වන අයඳුම්කරුවන් සඳහා වසරක් තුළ නැවත විභාගයක් පැවැත්වීම හෝ ඔවුන් පෙරළා පෙර සිටි තනතුරට පත් කිරීම හෝ උපාධිධාරී අභ්‍යාසලාභීන් සංවර්ධන නිලධාරීන් ලෙස අනුයුක්ත කිරීම හෝ විභාගය අසමත්වන ඩිප්ලෝමාධාරීන්ගේ සේවය අවසන් කිරීම සිදු කරනු ලැබේ
      • 1.2.10 එක් එක් විෂයය සඳහා සුදුසුකම්ලත් උපාධිධාරීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම් පමණක් ඩිප්ලෝමාධාරීන්ගෙන් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ
      • 1.2.11 පවතින කලාප පාදක ගුරු පුරප්පාඩු සඳහා අයඳුම්කරුවන් තෝරා ගැනීමේදී එක් එක් අයඳුම්කරුවාගේ අධ්‍යාපන සුදුසුකම් සළකා විෂයානුබද්ධව පවතින පුරප්පාඩු සඳහා පමණක් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ
      • 1.2.12 එක් එක් විෂයය සඳහා අයඳුම් කිරීමේදී එම විෂයය තම උපාධියෙහි හෝ ඩිප්ලෝමා පාඨමාලාවෙහි ප්‍රධාන විෂයක් වශයෙන් හදාරා තිබීම අනිවාර්යය වේ
    • 1.3. අයදුම්පත්‍රයෙහි සඳහන් කරුණුවලට අමතරව සඳහන් කළ යුතු කරුණු වේ නම් ඒ බව දත්ත පද්ධතියේ Requests/Comments තීරුවේ සඳහන් කරන්න
    • 1.4. විදුහල්පතිවරුන් විසින් ලබා දෙනු ලබන පුරප්පාඩු ලිපි ප්‍රතික්ෂේප කරනු ලැබේ
    • 1.5. මෙම පත්වීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔබ වෙත නිකුත් කරනු ඇත
    • 1.6. නිරෝධායන නීතියකට යටත් කර තිබීම හෝ වෙනත් එවැනි හේතුවක් නිසාවෙන් නියමිත දිනට පෙර මෙම මාර්ගගත අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට අපොහොසත් වන අයවළුන් වහාම උපකාරක දුරකථන අංක (Help Desk) අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
    • 1.7. අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී පවතින කිසියම් ගැටළුවක් වේ නම්,සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර කිරීමේ ලිපිය,ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ආයතන ප්‍රධානියා මඟින් සහතික කර ඔබ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සඳහන් ඉල්ලීම් ලිපියක්ද සමඟ පරිලෝකනය (Scan) කර එම පිටපත් probgraduate2@gmail.com නම් දරණ විද්‍යුත් තැපැල් ලිපිනයට එවීමෙන් අනතුරුව අපගේ Help Desk දුරකතන අංක සඳහා ඇමතීමට කාරුණික වන්න
    • 1.8. මෙම පරිලෝකිත (Scan) පිටපත් විද්‍යුත් තැපැල මඟින් එවීමේදී පණිවිඩයෙහි Subject යන තීරුවෙහි ඔබගේ නම මුල් අකුරු සමග ඉංග්‍රීසී මාධ්‍යයෙන් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ. උදා : Subject A.W. Nanayakkara
    • 1.9. තවද අදාළ කණ්ඩායම් Help Desk දුරකතන අංක ඇමතීමේදී එක් එක් දුරකතන අංක වෙන්ව පවතින ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙමින් එම දුරකතන අංකයම සම්බන්ධ කර ගැනීමට සැලකිලිමත් වන්න
    • 1.10. ඔබ පළාත් පාසලක සේවය කිරීමට මනාපය ප්‍රකාශ කරන්නේ නම් ඒ බව අදාළ තොරතුරු ඇතුළත් කරන ස්ථානයේ සඳහන් කරන්න
    • 1.11. පළාත් පාසල් සඳහා මනාපය ප්‍රකාශ කරන අයඳුම්කරුවන් තම මනාපය පළ කරන පළාත් අනුපිළිවෙලින් දැක්විය යුතු අතර එම තොරතුරු අප විසින් අදාළ පළාත් සඳහා යොමු කරනු ලැබේ
    • 1.12. ජාතික පාසල් සඳහා ප්‍රමාණවත් පුරප්පාඩු සංඛ්‍යාවක් නොමැති වුවහොත් මෙම අයදුම්කරුවන් ඉල්ලුම් කරනු ලබන පළාත් සඳහා යොමු කරනු ලැබේ
    • 1.13. සිංහල, දෙමළ හා ඉංග්‍රීසී භාෂාවලින් පළකරන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් අනනුකූලතාවයක් පවතී නම්, එවැනි විටක සිංහල මාධ්‍ය නිවේදනය නිවැරදි සේ සලකා කටයුතු කරනු ලැබේ
    • 1.14. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.03.15 දින වේ

2 පුරප්පාඩු තේරීම සඳහා උපදෙස්

    • 2.1. ඔබගේ විෂයයට සහ මාධ්‍යයට අදාළව පද්ධතියේ පවතින ජාතික පාසල් හි පුරප්පාඩු කලාප පාදකව සඳහන් කර ඇත
    • 2.2. එම ගුරු පුරප්පාඩු අතුරින් තමන් කැමති කලාප 05 ක් තෝරා ගැනීමට ඔබට හැකියාව ඇත
    • 2.3. ගුරු පත්වීම් ලබාදීම , ස්ථානගත කිරීම සිදුකරනු ලබන්නේ පුරප්පාඩු සංඛ්‍යාව හා ප්‍රායෝගික පරීක්ෂණයේ කුසලතා අනුපිළිවෙල අනුව පමණක් වන අතර කලාප සඳහා මනාප ලකුණු කිරීම, ගුරු පත්වීමක් ලබා ගැනීම සඳහා සුදුසුකමක් සේ සලකනු නොලැබේ
    • 2.4. ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු අනුපිළිවෙල අනුව ඔබ ඉල්ලුම් කරනු ලබන විෂයයට අදාළව පුරප්පාඩු නොපවතී නම් වෙනත් විෂයක් සඳහා පත්වීමක් ලබා දීම, ලකුණු කරනු ලබන කලාප සඳහා අනුයුක්ත කිරීම,ලකුණු කරනු ලබන කලාපයන්හි පුරප්පාඩු නොමැති වේ නම් වෙනත් කලාපයක් ලබා දීම හෝ මේ සම්බන්ධයෙන් පැන නඟින වෙනත් ඕනෑම ගැටළුවක් පිළිබඳව අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුවේ.

3 වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ පොදු උපදෙස්

    • 3.1. ඔබගේ හැදුනුම්පත් අංකය (N.I.C.Number) ඔබගේ user name එක ලෙස භාවිතා කල යුතු අතර ලියාපදිංචිය සම්පූර්ණ වීම සඳහා ඔබ විසින් මුර පදයක්(password) ලබා දෙමින් නැවත login විය යුතුය.(login)වූ පසුව මුර පදය (password)වෙනස් කිරීමට ඉඩ ලබා දෙනු නොලැ‍බේ
    • 3.2. ඔබගේ මුර පදය (password) සිහිතබා ගැනීම මඟින් ඇතුළත් කරන ලද තොරතුරු සංශෝධනය කිරීමට හැකියාවක් ඇත
    • 3.3. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දක්වා තොරතුරු සංශෝධනය කිරීමට හැකියාව පවති
    • 3.4. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට පසුව කරනු ලබන ඉල්ලීම් භාරගනු නොලැබේ
    • 3.5. මාර්ගගත අයදුම්පතේ පුද්ගලික තොරතුරු,අධ්‍යාපනික සුදුසුකම් හා අභිමත කලාප තේරීම යන කොටස් ඔබ විසින් සම්පූර්ණ කළ යුතුය
    • 3.6. එක් අයදුම්කරුවෙකුට එක් වරක් පමණක් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව හිමිවේ
    • 3.7. යම්හෙයකින් ඔබ ඉහත 1.2.3 වගන්තියෙහි සඳහන් සුදුසුකම් සම්පූර්ණ නොකරන්නේ නම් ඔබට මෙම තොරතුරු පද්ධතියට ඇතුළත් වීමට නොහැකිය

4 වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ තාක්ෂණික උපදෙස්

    • 4.1. Login වූ පසු ඔබ විසින් මුර පදයක් (password) ලබා දිය යුතුය. ඔබ විසින් ලබා දෙනු ලබන මුර පදය (password) ඔස්සේ ඔබට ඔබගේ තේරීම සංශෝධනය කළ හැකිය
    • 4.2 මුරපදය ලබා දීමට පෙර තොරතුරු කියවා අවබෝධ කර ගැනීමෙන් පසු පමණක් අදාළ ස්ථානයේ (✔) සලකුණ යොදන්න
    • 4.3. තීරයේ මුරපදය ලබා දීම සාර්ථකයි යනුවෙන් දිස්වනු ඇත.ඉදිරියට යන්න බොත්තම click කිරීමෙන් පසුව ඔබ නැවතත් මුල් පිටුව වෙත යොමු වනු ඇත.පෙර පරිදිම ඔබගේ ලියාපදිංචි වූ හැදුනුම්පත් අංකය (N.I.C.Number) , භාෂා මාධ්‍ය ලබා දීමෙන් පසු ඔබගේ ලියාපදිංචි වූ මුර පදය (password) යොදා නැවත වාරයක් ප්‍රවේශ( login) වන්න
    • 4.4. පසුව ඔබගේ පුද්ගලික තොරතුරු ,අධ්‍යාපනික තොරතුරු හා අභිමත කලාප තේරීමේ තොරතුරු ඇතුළත් කළ යුතුය
    • 4.5. ඔබගේ මනාප අනුපිළිවෙල මත පුරප්පාඩු නම් කිරීමට අවස්ථාව හිමිවේ. ඒ සඳහා පුරප්පාඩු පිරවීම සඳහා වන උපදෙස් බලන්න. ඉන්පසු තොරතුරු ඇතුලත් කරන්න
    • 4.6. ඔබට තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඇත්නම්, මෙනුවෙහි requests/ comments තීරුවේ සඳහන් කරන්න
    • 4.7. ඔබගේ ඇතුලත් කල තොරතුරු ඇතුලත් සාරාංශය පරීක්ෂා කර, ගැටලුවක් පවතී නම් උපකාර දුරකතන අංක මෙනුවෙහි ඇති අපගේ දුරකථන අංකයන් අමතන්න
    • 4.8. ඔබගේ තේරීම නැවත සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඔබට මෙහිදි නැවත පුද්ගලික තොරතුරු ,අධ්‍යාපනික තොරතුරු හා අභිමත කලාප තේරීමේ තොරතුරු ඇතුළත් කළ හැකිය
    • 4.9. අනතුරුව Download Iconය Click කර PDF ගොනුවක් ලෙස භාගත කර ගන්න. එලෙස භාගත කරගත් PDF ගොනුව මුද්‍රණය කර, නිසිලෙස දත්ත සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඔබගේ ආයතන ප්‍රධානියා මඟින් සහතික කර එහි පරිලෝකනය (Scan) කරන ලද ඡායා පිටපතක් Graduates.app@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට හෝ ඊට පෙර යොමු කරන්න. (ලියාපදිංචි තැපෑලෙන් එවීමෙන් වළකින්න)
    • 4.10. අයදුම්පත්‍රයෙහි පරිලෝකිත (Scan) පිටපත විද්‍යුත් තැපැල මඟින් එවීමෙදී පණිවිඩයෙහි Subject යන තීරුවෙහි ඔබගේ නම මුල් අකුරු සමග ඉංග්‍රීසී මාධ්‍යයෙන් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ
    • 4.11. එම අයදුම්පතෙහි මුල් පිටපත ඔබ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන දිනයන්හීදි අනිවාර්යයෙන් රැගෙන පැමිණිය යුතුය
    • 4.12. යම් හෙයකින් ඔබ අයදුම්පත් කැඳවීමේ දිනයට පෙර අයදුම්පත සංශෝධනය කලේ නම් අවසන් වරට සංශෝධිත අයදුම්පතෙහි පරිලෝකනය (Scan) කරන ලද පිටපත පමණක් ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට එවිය යුතුය
    • 4.13. අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනට පසුව කරන අයඳුම්පත්‍රයේ අඩංගු තොරතුරු සංශෝධන කිරීම සඳහා වන ඉල්ලීම් භාරගනු නොලැබේ

5. උපකාරක දුරකථන අංක (Help Desk)

    • 0112-784843 / 0112-785634 – 2020 වර්ෂයේදී අභ්‍යාසලාභීන් ලෙස සිංහල මාධ්‍යයෙන් බඳවාගන්නා ලද උපාධිධාරීන්
    • 0112-786749 – 2019 වර්ෂයේදී අභ්‍යාසලාභීන් ලෙස සිංහල මාධ්‍යයෙන් බඳවාගන්නා ලද උපාධිධාරීන් හා 2020,2019,2018 වර්ෂයන්හීදී අභ්‍යාසලාභීන් ලෙස දෙමළ මාධ්‍යයෙන් බඳවාගන්නා ලද උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්
    • 0112-785258 – 2018 වර්ෂයේදී අභ්‍යාසලාභීන් ලෙස සිංහල මාධ්‍යයෙන් බඳවා ගන්නා ලද උපාධිධාරීන් හා 2020,2019,2018 වර්ෂයන්හීදී අභ්‍යාසලාභීන් ලෙස සිංහල මාධ්‍යයෙන් බඳවාගන්නා ලද ඩිප්ලෝමාධාරීන්
Sinhala PDF InstructionDownload

Official Link : https://dorec.moe.gov.lk/