Ordering School Text Books Online Sinhala Instructions

Ordering School Text Books Online Sinhala Instructions

2022 වර්ෂය සඳහා නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

1. 2022 වර්ෂය සඳහා පාසල් මට්ටමින් පෙළපොත් අවශ්‍යතා ලබා ගැනීම පරිගණක භාවිතයෙන් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබ ඇත. එම නිසා පහත උපදෙස් නිසි පරිදි වටහාගෙන ඔබ පාසලේ පෙළපොත් අවශ්‍යතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමි.

2. ඒ සඳහා ඔබ විසින් පහත පියවර අනුගමනය කළ යුතුය.

  1. මෙහි පහත 3 හි දැක්වෙන උපදෙස් අනුව පෙළපොත් අවශ්‍යතා ඇණවුම් කිරීමේ ලේඛනය බාගත කර පාසලේ අවශ්‍යතා පරිදි මුද්‍රිත පිටපත් ලබා ගැනීම.
  2. පාසලේ පෙළපොත් අවශ්‍යතා සැලකිල්ලට ගෙන දී ඇති උපදෙස් අනුව එම ඇණවුම් ලේඛනය සම්පූර්ණ කිරීම.
  3. එම ඇණවුම් ලේඛනයේ ඇතුළත් දත්ත පරිගණක ගත කර අදාළ වර්ෂයේ පෙළපොත් ඇණවුම් කිරීම.

 

3. පෙළපොත් ඇණවුම් අවශ්‍යතා ලේඛනය බාගත කිරීම

 

    1. 2022 වර්ෂය සඳහා පෙළපොත් අවශ්‍යතා ඇණවුම් ලේඛනය ඉහත Form – Download මගින් බාගත කල හැකිය. මෙම ඇණවුම් ලේඛන Form A ප්‍රාථමික අංශය (1-5) සඳහා ද Form B ද්වීතික අංශය (6-11) සඳහා ද සහ Form C-GE උසස් පෙළ (12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි (General English) පොත) සඳහා ද සකස් කර ඇත Form A සිංහල සහ දෙමළ මාධ්‍ය පන්ති සඳහා එම භාෂා දෙකෙන් ද Form B සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා එම භාෂා තුනෙන් ද වෙන් වශයෙන් සකස් කර ඇත. Form C-GE භාෂා මාධ්‍ය භේදයක් නැතිව General English පොත් අවශ්‍යතාව දැක්වීමට සකස් කර ඇත. පාසලේ පන්ති පරාසය හා ඉගැන්වීම කරන භාෂා මාධ්‍යයන් අනුව බාගත යුතු ආකෘති පත්‍ර පහත III කොටසේ වගුවේ දැක්වේ. පාසලට අදාළ ආකෘති පත්‍ර පිටපත් දෙකකින් යුතුව සම්පූර්ණ කර විදුහල්පතිවරයා විසින් සහතික කර එක් පිටපතක් පාසලේ රඳවාගෙන අනෙක් පිටපත කලාප අධ්‍යාපන කාර්යාලයේ පෙළපොත් විෂයභාර නිලධාරියාට ලබා දිය යුතුය.
    2. සාමාන්‍ය පාසල් විෂය මාලාව උගන්වනු ලබන පිරිවෙන් වල පරිවෙණාධිපතිවරුන් විසින් ඉහත I හි දැක්වෙන පරිදි තම පිරිවෙනෙහි පවත්වනු ලබන පන්තිවලට අදාල වන පරිදි A,B,C, GE ආකෘති පත්‍ර බාගත කර පොත් අවශ්‍යතා සම්පූර්ණ කර අන්තර්ජාලය මගින් ඇණවුම් කළ යුතුයි. පිරිවෙන් විෂය මාලාවට අයත් පොත් ඇණවුම් කිරීම සඳහා මේ වන විට මුද්‍රිත ආකෘති පත්‍ර සියලුම පිරිවෙන්වලට යවා තිබේ.

 

  1. සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍ර

 


පාසලේ ශ්‍රේණි පරාසය

සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍ර

1 – 5 පමණයිForm A-Sinhala ( සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form A-Tamil ( දෙමළ මාධ්‍ය පන්ති සඳහා)
1 – 11Form A-Sinhala ( 1-5 සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form A-Tamil ( 1-5 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)


Form B-Sinhala ( 6-11සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form B-Tamil ( 6-11 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)
Form B-English ( 6-11 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා)

1 – 13Form A-Sinhala ( 1-5 සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form A-Tamil ( 1-5 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)


Form B-Sinhala ( 6-11සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form B-Tamil ( 6-11 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)
Form B-English ( 6-11 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා)


Form C-GE ( 12 ශ්‍රේණියේ General English පොත් අවශ්‍යතාව සඳහා සිංහල/ දෙමළ මාධ්‍ය දෙකටම පොදු ආකෘතිය)

6 – 11Form B-Sinhala ( 6-11සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form B-Tamil ( 6-11 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)
Form B-English ( 6-11 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා)
6 – 13Form B-Sinhala ( 6-11සිංහල මාධ්‍ය පන්ති සඳහා)
Form B-Tamil ( 6-11 දෙමළ මාධ්‍ය පන්ති සඳහා)
Form B-English ( 6-11 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා)


Form C-GE ( 12 ශ්‍රේණියේ General English පොත් අවශ්‍යතාව සඳහා සිංහල/ දෙමළ මාධ්‍ය දෙකටම පොදු ආකෘතිය)

12 – 13Form C-GE ( 12 ශ්‍රේණියේ General English පොත් අවශ්‍යතාව සඳහා සිංහල/ දෙමළ මාධ්‍ය දෙකටම පොදු ආකෘතිය

4. ඇණවුම් ලේඛනය සම්පූර්ණ කිරීම

  1. ප්‍රාථමික අංශය පමණක් ඇති පාසල් තම පාසලේ උගන්වන භාෂා මාධ්‍යයට/මාධ්‍යයන්ට අදාළ Form A සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්ය. මෙම පාසල්වල විදුහල්පතිවරුන් විසින් 1–5 ශ්‍රේණි පෙළපොත් අවශ්‍යතාවට අමතරව 2022 දී 6 ශ්‍රේණියට පිවිසෙන තම පාසලේ සිසුනට අවශ්‍ය පෙළපොත් අවශ්‍යතාව ද (සිංහල මාධ්‍ය සහ / හෝ දෙමළ මාධ්‍ය පමණක්) සඳහන් කළ යුතුය.
  2. 1-13, 6-13, 6-11 පන්ති සහිත පාසල් හි විදුහල්පතිවරුන් විසින් තම පාසලේ 6-11 ශ්‍රේණිවල පෙළපොත් අවශ්‍යතා තම පාසලේ උගන්වන භාෂා මාධ්‍යයට/මාධ්‍යයන්ට අදාළ Form B හි සඳහන් කළ යුතුය.
  3. 6-11, 6-13 ශ්‍රේණි පරාසය සහිත පාසල්වල 6 ශ්‍රේණියේ ඇතැම් විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන්නේ නම් 2022 වර්ෂයේ එම විෂයන්ට අවශ්‍යවෙතැයි අපේක්ෂා කරන ඉංග්‍රීසි මාධ්‍ය පෙළපොත් ප්‍රමාණය ගණනය කර Form B-English ආකෘතිය සම්පූර්ණ කළ යුතුය. 5 ශ්‍රේණිය සමත්ව මෙම පාසල්වලට පිටතින් ඇතුළත්වන සිසුන් තම මුල් පාසලෙන් 6 ශ්‍රේණියට අදාළ සිංහල/ දෙමළ මාධ්‍ය පෙළපොත් රැගෙන එන හෙයින් ඔවුන් සදහා සිංහල/දෙමළ පෙළපොත් අවශ්‍යතා ඇතුළත් නොකළ යුතුය.
  4. උසස් පෙළ 12 ශ්‍රේණි පන්ති සහිත පාසල් විදුහල්පතිවරුන් විසින් 12 ශ්‍රේණියේ සිසුනට ලබා දෙන සාමාන්‍ය ඉංග්‍රීසි පොත් අවශ්‍යතාව Form C-GE ආකෘතියෙහි සඳහන් කළ යුතුය.
  5. 1,2,3,4,5 යන ශ්‍රේණිවලට නැවත භාවිතය නොසලකා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ම අලුතින් පොත් ඇණවුම් කළ යුතු ය. මේ වන විට පාසලට ලැබී එහෙත් නො බෙදා ඉතිරි ව ඇති පෙළපොත් ඇත්නම් ඒවා අඩු කර 2022 වර්ෂයේ පෙළපොත් සංඛ්‍යා ගණන් බැලිය යුතුය.
  6. 10, 11 ශ්‍රේණිවලට ද නැවත භාවිතය නොසලකා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ම අලුතින් පොත් ඇණවුම් කළ යුතු ය. මේ වන වට පාසලට ලැබී එහෙත් නො බෙදා ඉතිරි ව ඇති පෙළපොත් ඇත්නම් ඒවා අඩු කර 2022 වර්ෂයේ පෙළපොත් සංඛ්‍යා ගණන් බැලිය යුතුය.
  7. සියලු වැඩපොත් අදාළ ශ්‍රේණිවල මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා ම ගණන් බැලිය යුතු ය.
  8. ඇතැම් පෙළපොත් කාණ්ඩ කිහිපයකින් යුතුව මුද්‍රණය කරනු ලැබේ. එවැනි පෙළපොත්වල සියලුම කාණ්ඩ අවශ්‍යතා වෙන වෙනම ගණනය කළ යුතු වේ.
  9. ඔබ විසින් ඉල්ලුම් කරනු ලබන පෙළපොත් සංඛ්‍යා ඔබගේ පාසලේ ශිෂ්‍යයන් හා විෂය ඉගැන්වීම් කරන ගුරු භවතුන් සඳහා පමණක් විය යුතු ය. ඔබ විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා පාසල් සංගණන තොරතුරු සමග සසඳා බලනු ලැබේ.
  10. ඒ ඒ පන්තිය සඳහා පෙළපොත් අවශ්‍යතා ගණනය කිරීමේ දී සිංහල/දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය තුනේ එක් විෂයක් සඳහා ඉල්ලුම් කරනු ලබන පොත් ප්‍රමාණයේ එකතුව එම පන්තියෙහි සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන විය යුතුය.
  11. 2020.09.28 දිනැති අංක 27/2020 දරන චක්‍රලේඛය අනුව 6-9 ශ්‍රේණි සඳහා පෙළපොත් නැවත භාවිතය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

05. එම ඇණවුම් ලේඛනයේ ඇතුළත් දත්ත පරිගණක ගත කර අදාළ වර්ෂයේ පෙළපොත් ඇණවුම් කිරීම

  1. පෙළපොත් අවශ්‍යතා දත්ත පරිගණකගත කිරීම සඳහා සෑම පාසලකටම තාවකාලික User ID හා Password කලාප අධ්‍යාපන කාර්යාලයේ පෙළපොත් සම්බන්ධීකරණ නිලධාරියා මගින් ලබාදීමට කටයුතු කරනු ලැබේ. දත්ත ඇතුළත් කිරීමේ දී මෙම User ID හා Password වෙනස්කර නව User ID හා Password සකස්කර ගැනීමට ඔබට සිදුවන අතර ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම විදුහල්පතිවරයාගේ වගකීමක් වේ. අවශ්‍යවේ නම් මෙම User ID හා Password භාවිත කිරීමේ වගකීම නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/පෙළපොත් විෂයභාර ගුරුභවතා වෙත පැවරිය හැකිය.)
  2. අලුතින් ආරම්භ කිරීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ යම් පාසලකට දත්ත පරිගණක ගත කිරීම සඳහා User Id සහ Password ලැබී නොමැති නම් කලාප අධ්‍යාපන කාර්යාලයේ පෙළපොත් සම්බන්ධීකරණ නිලධාරියා මගින් පහත අංක III හි දැක්වෙන ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දැනුම් දී නව User ID හා Password ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
  3. පෙළපොත් ඇණවුම් කිරීමේදී ලබා දුන් විදුහල්පතිවරයාගේ/ පෙළපොත් බෙදාදීම භාර ගුරුවරයාගේ තොරතුරුවල වෙනස්වීමක් සිදු වූයේ නම් ෆැක්ස් අංක 011-2785306 ට හෝ epd.distribution@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට ඒ බව දැනුම් දිය යුතුය.
  4. සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයන්හි හතරවන තීරුවෙහි (අවශ්‍ය මුළු පොත් සංඛ්‍යාව) දැක්වෙන දත්ත පමණක් පරිගණක ගත කළ යුතුය. සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රවල නිරවද්‍යතාව විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති විසින් හෝ ජ්‍යෙෂ්ඨ ගුරු භවතෙකු ලවා පරීක්ෂා කරවා සහතික කර ගත යුතුය.Table
    සැයු: ඉහත ආකෘති පත්‍රය නිවැරදිව සම්පූර්ණ කළ විට
    (I තීරුව) – (II තීරුව) + (III තීරුව) = (IV තීරුව) වන පරිදි සංඛ්‍යා තුලනය විය යුතුයි.
  5. 2021.10.11 දින සිට 2021.10.31 දින දක්වා ඔබගේ පෙළපොත් අවශ්‍යතා පරිගණක ගත කළ හැකි අතර එම කාලසීමාව තුළ ඔබගේ දත්ත සංශෝධනය කිරීමට අවසර දෙනු ලැබේ‍.
  6. ආකෘති පත්‍ර ලබා ගැනීම සඳහා හෝ ඇණවුම් තොරතුරු පරිගණක ගත කිරීම සඳහා පරිගණක පහසුකම් නොමැති පාසල් සදහා කලාප අධ්‍යාපන කාර්යාලය මගින් හෝ කලාපයේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන මගින් හෝ එම පහසුකම් ලබා දීමට කලාප අධ්‍යාපන කාර්යාලයේ පෙළපොත් සම්බන්ධීකරණ විෂය භාර නිලධාරියා විසින් කටයුතු කරනු ලැබිය යුතු වේ.
    1. 2022 වර්ෂය සඳහා පාසල් සිසුනට නොමිලේ ලබා දෙන පෙළපොත් සාර්ථකව බෙදාහැරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඔබ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරයි.

    අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්

Download Sinhala Instructions

Ordering School Text Books Online Sinhala Instructions