Wayaba BED Teaching Interview 2024

Wayaba BED Teaching Interview 2024

Wayaba BED Teaching Interview 2024

විශේෂ නිවේදනයයි

වයඹ පළාත් සභා පාසල් වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය –2024.06.20 (පළමු අදියර)

අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සම්පුර්ණ කළ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළව කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් විසින් එවා ඇති උපාධිධාරීන් 25 දෙනෙකුගේ නාමලේඛනය පහතින් දක්වා ඇත. 

(02) ඒ අනුව, එම නාමලේඛනයෙහි නම් සඳහන් උපාධිධාරීන් සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා 2024.06.20 දින වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයට පැමිණෙන මෙන් මෙම නිවේදනය මගින් දන්වනු ලැබේ.

(03) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමේ දී පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් රැගෙන ආ යුතු අතර, එම ඡායා පිටපත් වල මුල් පිටපතෙහි සත්‍ය පිටපතක් බවට සහතික කරමි. යනුවෙන් ඔබ විසින් ලියා අත්සන් කර තිබිය යුතුය.

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
  2. උප්පැන්න සහතිකය
  3. අ.පො.ස (සා/පෙළ) සහතිකය
  4. අ.පො.ස (උසස් පෙළ) සහතිකය
  5. අධ්‍යාපනවේදී උපාධි සහතිකය (වලංගු දිනය සමඟ විස්තරාත්මක සහතිකය)
  6. පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරි විසින් DS-04 ආකෘතියෙන් නිකුත් කරනු ලබන ග්‍රාම නිලධාරි සහතිකය. (අයදුම්කරු වයඹ පළාත තුළ පූර්වාසන්න වසර තුනක ස්ථිර පදිංචිය සනාථ කළ යුතු අතර ග්‍රාම නිලධාරී සහතිකයෙන් වසර තුනක පදිංචිය තහවුරු නොවන අවස්ථාවල දී කලත්‍රයා වයඹ පළාත තුළ ස්ථීර පදිංචිකරුවකු නම් කලත්‍රයාගේ පදිංචිය ද, ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන DS-04 ආකෘතිය හා විවාහ සහතිකය මගින් හෝ අයදුම්කරු වයඹ පළාතේම වෙනත් ග්‍රාම නිලධාරී වසමක පදිංචිව සිටියේනම් පෙර පදිංචිය හැරයාම පිළිබඳ අදාල ග්‍රාම නිලධාරී විසින් ලබා දෙන ලිපියක් මගින් හෝ වයඹ පළාත තුළ පූර්වාසන්න වසර තුනක ස්ථිර පදිංචිය සනාථ කළ හැකිය)
  7. උප්පැන්න සහතිකය, හැඳුනුම්පත හෝ අධ්‍යාපන සහතිකවල සඳහන් නම් අතර කිසියම් වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශය.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේ දී මෙම වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශ පත්‍රය ද සම්පූර්ණ කර රැගෙන ආ යුතු බවද සලකන්න.

Statement FormatDownload
Name ListDownload
fb33ff22-2457-4bdd-ae51-badd5142c0e7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *